Monday, November 24, 2008

පරිඝනක ක්‍රීඩා

මාගේ මෙම ලිපිය පරිගනක ක්‍රීඩා පිලිබඳවයි. බොහොමයක් පරිගනක ආශ්‍රිත රැකියා කරන තරුන පිරිස් මෙම පරිගනක ක්‍රීඩා වලට නැඹුරු වීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙනවා. ඇත්තටම ඒක ගොඩක් හොඳයි.. වෙහෙසුන මනසට යම් කිසි නිදහසක් ලැබෙනව ඒවාගෙන්.. (බි.පෙ.සි. --සමහර ඒවාගෙන් පමනක්). මමද බෙහෙවින් පරිගනක ක්‍රීඩා වලට නැඹුරු උන කෙනෙක්. මාගේ මිතුරන් ද මා මෙන් පරිගනක ක්‍රීඩා කරනවා. කෙසේ වෙතත්, කොපමන ආශ්වාදයක් එයින් ලබුවත් එක් වේලාවකට එය කාලය කා දැමීමක් ලෙසත් මට හැඟෙනව. නව පරිගනක ක්‍රීඩාවක් වෙලඳ පලට පැමිනිය සැනින් මම එය සෙල්ලම් කිරීමට හා එය ඉවර කිරීමට මහන්සි වෙනවා. රැයක් දවාලක් නොබලා පරිගනක ක්‍රීඩා කිරීම නවතා දමා කාලය මැනවින් හසුරුවාගෙන පරිගනක ක්‍රීඩා කිරීම නම් හොඳ දෙයක්.. පරිගනක ක්‍රීඩා පිලිබඳ ඔබලාගේ අදහස් මොනවාද? ඔබලා කොපමන වේලා පරිගනක ක්‍රීඩා සඳහා වෙන් කරනවද?................

10 comments:

Malinthe Samarakoon said...

මාත් කලාතුරකින් ක්‍රීඩා කරනවා. ඒත් පරිගණකය කසිකබලක් හින්දා අලුතෙන් එන කිසිම එකක් වැඩ කරන්නෙ නෑ :D අන්තිමට වැඩ ‍කරේ NFS Carbon. ඒකත් low settings දාගෙන :D

නාලක said...

@ මලින්ත : එල එල.. අප්ග්‍රේඩ් කරල ගහමු තව තව ;)

ම.ම.ගි said...

මම නම් කාලයක් පරිගණක ක්‍රීඩා වලට බොහොම ඇලුම් කරමින් උන්නා. ඒදවස් වල මගෙ ප්‍රියතම පරිගණක ක්‍රීඩාව වු‍නේ IGI. දැනටත් හරි ආසයි.
මම IGI 2 එකේ මැදක් වෙනකන් සෙල්ලම් කලා පස්සෙ ඒ ක මඟ හැරුනා විවධ හේතුන් මත.

djmlog103 said...
This comment has been removed by the author.
djmlog103 said...

මමත් පරිගණක ක්‍රිඩා කරන්න හුගක් කැමතියි. ඒකටම වෙන්වූ පරිගණකයක් මම හදලා තියෙන්නෙ. කාලය හරියට සකස් කරගන්න පුලුවන්නං මෙය විනෝදාංශයක් විදිහට ගන්නත් පුලුවන්. මෙවා දැන් කෙතරම් ජනප්‍රියද කියනවනං, ඒවටම වෙන්වූ අන්තර්ජාතික තරඟාවලි තියෙනවා. හැබැයි මේවට ඇබ්බැහි වෙන අයත් ඉන්නවා.

පොඩි ප්‍රශ්නයක්: බි.පෙ.සි කියන්නෙ මොකක්ද?

කලින් පොඩි මිස් ෆයර් එකක් උනා

ශාකුන්තල | Shaakunthala said...

මට නම් ඉතින් GTA Vice City තමා. මම කීප වතාවක්ම ඒක ඉවර කරල තියෙනව එක cheat code එකක්වත් පාවිච්චි නොකර.

ඇබ්බැහි නොවී තමන්ගෙ මනසටත් ව්‍යායාමයක් ලබාදෙමින් සෙල්ලම් කරන්න පුළුවන් Freecell හා Minesweeper ඉතා හොඳ බවයි මගෙ අදහස.

@djmlog103,
LOL දේශීයකරණයට ලක් කළාම එන වචනය බිපෙසි

සරත් ගුණතුංග said...

මගේ නම් පරිගනක ක්‍රීඩා ගැන තියෙන අදහස් වෙනස්. මම කියන්නෙ අදහසක් පමණයි. පරිගණක ක්‍රීඩාවලින් තමාගේ මනසට කිසිම දියුනුවක් නැහැ. පරිගණකය එක්තරා රටාවකට ක්‍රියා කරනවා විනා චින්තන ශක්තියක් නැහැ. ඒ නිසා හොඳ නරක වශයෙන් තෝරා ගැනීමේ හැකියාවක් පරිගනකයට නැහැ. පරිගණක ක්‍රීඩාවක අවසානයේ මානසික වශයෙන් හෝ ආධ්‍යාත්මික වශයෙන් හෝ ඔබට දියුණුවක් ඇති වී තිබේදැයි බලන්න.

ම.ම.ගි said...

@සරත් ගුණතුංග මහතා

කාර් රේස් වගේ පරිගනක ක්‍රීඩා සම්බන්ධයෙන් නම් ඔබ කියන කාරණය හරි. නමුත් IGI වැනි ක්‍රීඩා ක්‍රීඩා කරන්නාගේ උපායශීලිත්වය ඉවසීම වගේ දේවල් වැඩිදියුණු කරන්න ඉවහල් වෙනවා.

djmlog103 said...

@සරත් ගුණතුංග මහතා,
පරිගණක ක්‍රිඩා වල කිසි මානසික දියුණුවක් නම් නැහැ තමයි. එක දිගට ගහනවනම්, කාලය ගැන හෝ වට පිටාව ගැන සිදුවන දේ ගැන කිසිම හැඟිමක් නැති වෙනවා. නමුත් එය විනෝදාංශයක් වශයෙන් කිරිමෙන් ආධ්‍යාත්මය හෝ මනස දියුණු විය යුතුයැයි මා සිතන්නේ නැහැ. තමන්ට ආශ්වාදයක් සහ සතුටක්, දවසේ පීඩාකාරිත්වයෙන් මිදී තමන්ගෙම ලෝකයකට යන්න පුලුවන්නම්, එය විනෝදාංශයක් ලෙස හොඳයි කියා මා සිතනවා. ආධ්‍යාත්මික දියුණුව කෙසේවෙතත්, මානසික දියුණුවක් ඇතිවන පරිගණක ක්‍රීඩා දැන් හුගක් තියෙනවා.

දිලූප...

සරත් ගුණතුංග said...

මම කවදාවත් සෙල්ලම් කරල නැහැ. 1994 අවුරුද්දේ මම ඇමසෝන්.කොම් වෙතින් ගෙන්ව ගත්ත පොතක් build a 486 and save a bundle (Pilgrim) කියල. ඒ පොතේ තිබුන පරිදි පරිගණකයක් හදා ගත්තා මූලික මෙවලම් වලින් Mother board etc). එතකොට මගේ පොඩිපුතාට අවුරුදු නමයයි. අපි ඕකට windows 3.1 ( එවකට තිබුන operating system install) කලා. ඊට පසසෙ එන එන අන්දමේ නවීන O.S. අලුත් මාදිලියේ පරිගනක කොටස් යොදා හිතාගන්න බැරි අන්දමට දියුනුවන පරිගණක ශාස්ත්‍රය සමග ජීවත් වෙනවා. දැන් පොඩිපුතාට අවුරුදු 23යි. ඒ ලමයා පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් උපාදිධාරියෙක්. ඒ කාලෙ තිබුන ක්‍රීඩා අනුවයි මගේ නිගමනය. මගේ පුතා තවමත් කියන්නෙ පරිගණක ක්‍රීඩා වලින් දියුනුවක් නැහැයි කියල. ඒකයි මම එහෙම කිව්වෙ. නැතුව මට කිසිම පලපුරුද්දක් නැහැ. තරහ වෙන්න එපා.