මෙන්න මගෙන් තවත් එක බ්ලොග් පෝස්ට් එකක්. මම මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ නව යොවුන් පරපුර දැන් වැඩි වැඩියෙන් නැරඹීමට රුචියක් දක්වන හොලිවුඩ් රූපවාහිනී කතා මාලා පිලිබඳ කුඩා හැඳින්වීමක් කිරීමටයි. මේ වනවිට ඔබත් මෙම කතා නැරඹීමට රුචියක් දක්වනචා ඇති. එහෙත් මෙම කතා මාලා පිලිබඳ ඔබේ දැනුම තවත් පුලුල් කිරීමට මමද යමක් එකතු කිරීමට කැමතීයි. දැනට මා විසින් මෙවැනි හොලිවුඩ් රූපවාහිනී කතා මාලා කීපයක්ම නැරඹීමට ආරම්භ කර ඇත. ඒවා නම් ඩෙක්ස්ටර්, ස්මෝල්විල් , සුපර්නැචුරල්, හීරෝස්, කැලිෆොර්නිකේෂන්, ටර්මිනේටර්, කෲසෝ,සහ ප්‍රිසන් බ්රේක්.
ප්‍රථමයෙන් මා Dexterපිලිබඳ හැන්ඳින්වීමක් කරන්නම්..
ඩෙක්ස්ටර් යනු ලේ පිපාසයෙන් පෙලෙන නමුත් සමාජයේ සිල්වතෙකු ලෙස හැසිරෙන මිනිසෙකි. පොලිස් සේවා අධිකරන වෛද්‍ය අංශයේ සේවය කරන මොහු ඝාතනය කරන්නේ නීතියෙන් පැන යන, සමාජයට විසබීජයක් වූ මිනිසුන් පමනි. එයින් ඔහු ආශ්වාදයක් ලබයි.
Smallville----
ස්මෝල්විල් යනු පිටසක්වලින් පෘථිවියට පැමින සාමාන්‍ය ජීවිතයක් ගත කරන ක්ලාර්ක් නම් වූ තරුනයකු පිලිබඳ කතා මාලාවකි. ඔහුට විවිධ වූ බලයන් ඇති නිසා ඔහු එම බලයන් භාවිතා කර කරදරයට පත් වු මිනිසුන් බේරා ගන්නා අයුරු මෙම කතාවෙන් දැක්වේ. මෙම කතා මාලාච මාගේ ප්‍රියතම කතා මාලාවයි.
Supernatural-----
සුපර්නැචුරල් යනු අද්භූත බලයන් සහ භූතාත්ම වටා ගෙතුනු කතා මාලාවකි. එහි ප්‍රධාන චරිත දෙකක් වේ. සෑම් සහ ඩීන්, ඔවුන් දෙදෙනා සහෝදරයන් වේ. ඔවුන් සාමාන්‍ය ජනයාව පීඩනයට පත් කරන භූතාත්ම හඹා ගොස් එම අද්භුත සිදුවීම් වලක්චන අයුරු මෙම කතා මාලාවෙන් දැක්වේ.
Heroes-----
හීරෝස් කතා මාලාච විවිධ බලයන් ඇති මිනිසුන් කීප දෙනෙකු වටා ගෙතුනකි. එම බලයන් ඇති මිනිසුන් අතර හොඳ මිනිසුන් සහ නරක මිනිසුන් ඇත. එම නරක මිනිසුන්ගෙන් ලෝකය බේරා ගන්නා ආකාරය මෙම කතා මාලාවේ තේමාවයි.
Californication----
කැලිෆොර්නිකේෂන් කතා මාලාව ඉතා අගනා කතා මාලාවක් වුවත් එහි වැඩිහිටියන්ට පමනක් නැරඹිය යුතු දර්ශන අතුලත් වේ. එය ඉතාමත් හාස්‍යජනක කතා මාලාවකි. එහි ප්‍රධාන නලුචා වන (x files) එක්ස් ෆයිල්ස් හි මෝල්ඩර් මෙම කතාවාට නවතම පනක් දෙයි.. මෙම කතාවට අනුච ඔහු රචකයෙකි. ඔහුගේම ක්‍රියාකලාප නිසා ඔහු මුහුන දෙන අපහසුතා මැනවින් මෙම කතා මාලාවෙන් පැහැදිලි වේ. අතිශය හාස්‍යජනක කතා මාලාවක් වන මෙයත් මාගේ ප්‍රියතම කතා අතරට එක් වෙයි..
Terminator-----
ටර්මිනේටර් යනු, ටර්මිනේටර් චිත්‍රපටය පාදක කොට ගත්, එහි වන සිදුවීම් පෙල තවත් නරඹන්නාට කුතුහලය උපදවන ලෙස සකස් කල කතා මාලාවකි.
Cruesoe----
කෲසෝ යනු, පරන රොබින්සන් කෲසෝ කතා මාලාවෙන් ඔබ්බට ගිය කෲසෝගේ නව වීර වික්‍රමයන් සහිත නවතම ආරක රූපවාහිනී කතා මාලාවකි. ඔහු දූපතේ තනිවී ඔහු කරා එන අභියෝග වලට සාර්තකව මුහුන දෙන ආකාරය මෙම කතා මාලාවෙන් පැහැදිලි වේ.
Prison Break----
ප්‍රිසන් බ්රේක් කතා මාලාවේ තේමාව වන්නේ බන්ධනාගාරයක් තුල සිරගත කරන ලද සිරකරුවන් පිරිසක් එම බන්ධනාගාරයෙන් ඉවතට යාමට දරන උත්සාහයයි. මෙම කතා මාලාව ගෙතී ඇත්තේ එම සිරකරුවන් වටා වන අතර එක් එක් අවස්ථාවන් වලදී ඔවුනට මුහුන පෑමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් වලීන් මෙම කතා මාලාවේ ත්‍රාසය තව දුරටත් වර්ධනය වේ...
Subscribe to:
Post Comments (Atom)


5 comments:
මැක්සා! (messa!)
දිගටම කරගෙන පලයං.
ජය වේවා!
එළ එළ දිගටම කරගෙන යන්න. Thumbs up!
සැබවින්ම ඉතාමත් හොඳ ලිපියක්. ඔබ නරඹන වෘතාන්ත බොහොමයක් මා නරඹන බව කියන්න සතුටුයි.ස්මෝල්විල් , සුපර්නැචුරල්, හීරෝස්, කැලිෆොර්නිකේෂන්, ටර්මිනේටර්, කෲසෝ,සහ ප්‍රිසන් බ්රේක් මේවායින් සමහරක් වේ. මේ අතුරින් මා වඩාත්ම කැමති Dexter වෘතාන්තයට. එයට වඩාත් මා කැමති වන්නෙ එම කතාව ගලා යන ආකරයටයි. කතාවේ දෙබස් වල Dexter තමා සිතන දේ තමාටම කියා ගනයි. එනම් යමෙකු ඔහුට යමක් කිව් විට ඔහු හිත තුලින් සිතන දේ කියයි. මෙය මා අනෙකුත් වෘතාන්තවල දැක නැත. අප මිනිසෙකුට යම් දෙයක් පැවසූ විට ඔහු සිතන දෙය දැන ගැනීම මා කුතුහලයකට හා විස්මයකට පත් කරයි.
Dexter ඔහුව හදුන්වන්නේ, සිතක් නැති, හැගීම් විකුර්ති කර පෙන්වන මින්සෙකු ලෙසයි. මිනීමරුවෙකු ලෙස ඔහුට හැගීම් නොදැනෙන එක පුදුමයක් නොවේ. නමුත් මා එය අකාර්ශනය කරගන්නකි. කිසී හැගීමක්, බැදිමක් නොමැතිව, තම සිත තුල හුදෙකලාව ජීවත් වීම ඉතා සරල ජීවිතයක් ලෙස මා දකිමි. ඔහු ලොකායාට ගුප්තව ජීවත් වෙනවා කීම නුසුදුසු යැයි සිතමි. මක්ද ඔහුව ආශ්‍රය කරන සියල්ලන්ගේම ආදරය, ඔහූ දිනා ගන්නා නිසා. මේ මන්ද යත් ඔහුට හැගීම් දැනෙන්නේ නැතී නිසා. ඔහු යමෙකුට පිළිතුරු දෙන්නේ ඉතාමත් සිතා මතාය. තමාගේ හැගීම් වලට වහල් නොවී අනෙකාට සතුටක්, පිළිගැනීමක් හැගෙන සේ ඔහු පිළිතුරු දෙයි. මෙය මා විමතියකට පත් කරන්නකි. අපගේ හැගීම් වලට වහල් වී, වැරදි පිළිතුරු, වැරදී ක්‍රියා මාර්ග ගත් අවස්ථා කොපමණ ඇද්ද?
අද වනවිට Dexter කතා මාලා 3ක් විකාශය වී ඇත. තුන් වැන්න තවම විකාශය වෙමින් පවතී. කතා මාලා 3ක්ද නිකුත් වී, මෙහි කම්මැලි කරවන කිසිදු පරිච්චේදයක් මා දැක නැත. Dexter නව කතාවක් ඇසුරින් නිර්මාණය වුවක් වීම මීට හේතු විය හැක. Dexter නවකතා Jeff Lindsay විසින් ලියා පල කර ඇත. ඔහුගේ Darkly Dreaming Dexter (2004), Dearly Devoted Dexter (2005) හා Dexter in the Dark (2007) Dexter වෘතානත මාලාවට පාදක වී ඇත. මෙහී පළමු නවකතා පොත මා මේ දිනවල කියවමින් පවති. එය වෘතාන්ත මාලාව මෙන් අතිශය සිත් ඇදගන්නා සුලු බව මා කියන්නට කැමැත්තෙමි.
Dexter කතාමාලාව මා ඔනෑම විවෘත මනසක් ඇති වැඩිහිටියෙකුට නිර්දේශ කරමි. මෙය සැබවින්ම ඔබේ ජීවිතයට වෙනසක් කල හැකිය.
දිලූප...
මමනං වැඩිය රූපවාහිනී කතාමාලා බලන්නේ නෑ. මොකද මං කැමතිනෑ ඉවරයක් නැති කතා බලන්න.. ;)
හැබැයි නාලකගෙ ලිපිය රූපවාහිනී කතාමාලා බලන අයටනම් බොහොම වටින තොරතුරු ගෙන එනබව පේනව.
අයියෝ, ඇයි රූපවාහිනී කතා මාලා බලන්නෙ නැත්තෙ, ඒවා මාර ෂෝක් නේ අප්පා.. මගේ අවවාදය නම් කොහොමහරි වෙලාව සොයාගෙන එවැනි දෙයක් බලන්න කියන එක තමයි.
Post a Comment